පායා ඇතත් දිනකර අද අහස් තලේ
මහ වැහි කලුවකින් රිවි කැන් නතර කලේ
ගොම්මන් පාලුවකි සිවු දිග පොලෝ තලේ
පෙර යම තිබි සතුට නැත මා සිත ඇතුලේ
රොන් බිවු බඹරිඳුන් මලකින් සිත් විලසා
මලට මල් ගසට සලසන සෙත වෙසෙසා
ඒ සෙත සැලසු බඹරිඳු රොන් ගනු සතොසා
අවුදින් මිලින මල දුටු වැනි මගෙ මනසා
ඒ මල විකාස පද්මයක් ලෙස වේද
මිලින වුවත් යලි හිරු දැක පුබුදීද
ඒ මල් සුවඳ යලි මා සිත නගාවිද
ඈ මදහසින් යලි මා සිත පිරේවිද
කාලෙකට පස්සෙ රන්දිය පලසෙන් ලස්සන නිර්මාණයක්...
ReplyDeleteසුභ පැතුම!!!.
මටත් ජොබක් සෙට් වී වැඩ අධික වෙලා
Deleteරන් දිය පලස මගෙ එහෙයින් පාලු වෙලා
ඉඳ හිට දාන කවියට මගෙ comment කළා
thank you අයියෙ ඔබ මා දිරිවන්ත කළා