20 March 2018

A Level දුක

මන්ද මා ඉපදුනේ මෙලොවට
අපා දුක මිහි පිට විඳින්නට
දැවෙයි බෝ සේ කුසේ ගින්නට
එමුත් මොනවා කරම් කරුමෙට


හිරු නැගී නැත නෙත ඇරී ඇත
කුරුළු හඬ නැත ඇදුරු හඬ ඇත
හිස කිසිත් නැත පොත පිරී ඇත
හැමට වැඩියෙන් කුසේ ගිනි ඇත

මුළු ඇඟම නහයෙන් ගලනවා
ගිගුම් නද කිවිසුමෙන් එනවා
පැය මනුව මගෙ බොරු කියනවා
සසර කරුමය මම ගෙවනවා..!!!


2009 මහබදුගේ සර් ගේ පන්තියක් අතරතුරදී ලියැවුනු පද පෙලක්..!

16 March 2018

තනිකම සමග යලි පැන්සල අතට ගමි

කවි කල්පනා එයි මසිතට ...... තනිකමට 
පෙර නොවිලසින් උගහට කවි ... පබදන්ට 
එලි වට තැබුම සිරිතකි කවි ලියන ... විට
මුලටත් වැට තියන සිරිතක් ඇවිත් ... මට 

බාලේ පටන් ලීවා කවි විටින් ............. විට 

කාලේ ඇවෑමෙන් කවි ගොනුවකි ....... අදට 
ආලේ වඩන්නන් ටික මුත් .............. ඒවාට 
රාලේ කියනු කොහොමද ඇති සතුට ... මට 

කවියක් වන්න නම් ලියනා පද .......... පේලී  
ලියැවී ඇති වදන් නොලියනු යෙහෙකි ... යලී  
අරුතැති වදන් සොඳුරු බසින් ලියැවු ... කලී  
ඒ රස විඳිනු වස ඉමු ඒ තුලම ............ ගිලී