31 May 2018

කාන්සිය රස

කඳෝපැණියන් දිලෙන යාමේ
සිසිරකර කැන් ගලන යාමේ
කාන්සිය පිරි මගේ සංහිඳ
දැවෙයි සරතස නිවෙන යාමේ

නෝක්කාඩුව වීද සර 
    හද දයා මෙමෙනා තරම්
සියොළඟෙහි වෙලුනේද කී වර
    කෙලි කවටකම් පෑ තරම්
ලවන් පෙති දෙකොපුලේ සිර කර
    නලළ සෙද රස සෙවු තරම්
ලියක විය නුඹ වෙළුව මේ තුර
    කිම සිහිල් නල මේ තරම්

දෙකොන වැටෙතත් මෙබිම පණ නල
    ලය සුසරමයි එක සරින්
නයණ නොම ඇඳෙතත් කමල පුල
    පියෙහි සිතුවම් වෙයි සිරින්
සවන සිඳුනත් අම සිතලු කළ
    ගලයි වෙන සර ලය දොරින්
පමණ නොවෙතත් අද හමන නල
    උණුහුමත් එයි නොම දුරින්...