මීදුම ගලන තුරු වන මල් පිපෙන තුරු
දහසක් සටන් හදවත් ඉරිතලන තුරු
ලය තෙත් උන ඇගෙ සෝ හඬ ඇසෙන තුරු
කිසි අදහසක් නොදිටිමි දෙන පහන් සිළු
සෙවනැලි වැටී ඇත ගෙය හැමතැනදී ගොලු
දොර හැර ගියෙමි රැහි පලගැටි හඬය රලු
උඳුවප් මහේ සඳ මොර ඇති රෑක
සීතල නිය තුඩින් ගත රලු වුනු දාක
ගැබ්බර අහස හඬවා නිවමින් සෝක
පිනිබර සමන් සුවඳක් විහිදුනි මෙලෙක
තරණය කළෙමි කඳු හෙල් සැඩ ගං පතර
අදවස තරම් වෙහෙසක් නොදැනිනි නිතර
කවදා කොතනකදි හෝ මේ වැලි කතර
නොදිටිමි සිහිල් සුවයක් ඔහු ළඟ විතර
මුළු ලොව යස ඉසුරු මදි බව සිතෙන විට
ඉර හඬ කනක තරු පොඩි බැඳ එකතු කොට
දෙව් පඬුරකට ලැබුනොත් අස් ඉදිරිපිට
ඔබගේ සුසුමකට නොවටී පුතුනි මට
උරුමය සමග ලය මැද්දෙන් ගලන ගඟේ
සෙසු යස ඉසුරු පවරමි හැම එකම වගේ
ඈ තුල මැවුනු මා වැනි මේ පුරුක දිගේ
සවි වෙයි ඇගේ තුරුලට ඇති බැඳුම මගේ
පිය සෙනෙහස පීදෙන යුරු මවු නෙත සිහිනෙන් දුටු... කිවිඳිය මවුම වේයැ.
හ්ම්ම්... Good post. මම හිතන්නේ මේක ලියල තියෙන්නෙ මම අදුරන කෙනෙක් වගේ.. :D :P
ReplyDeleteඅපුඋරුයි මල්ලියා... දිගටම ලියන්න
ReplyDeletenice...keep writing :)
ReplyDelete