දින දින ගෙවා මරු අභිමුකයට ............. යන්නේ
දිවි තරඟයෙන් ඉසි කෝ මන් ......... පිරවෙන්නේ
මසිතට කුමක් විද මමවත් නැහැ .......... දන්නේ
කලබල දිවිය චංචල සිත සිහි ................ කරවා
සිත අව්ලුවන ගිනි දැල් වෙත සිත ........ යොමවා
පැතිරෙන වෙසක් සඳ කිරණින් සිත ....... නහවා
සල සිත තෙදස නිවුමට වෙහෙසෙමු .. සොඳවා
ලොවුතුරු මහත් සම්බුදු බව .......... ලබන්නට
පිටදුන් වෙසෙස් බෝ රදුනගෙ .......... අභියසට
පිබිදුනු සුපුන් සඳ දැක බෝ පත් ........... මැදට
ඉටවමු උතුම් සදහම් මග .............. සරන්නට
සකල සිත්හි ඉසි කෝ මන් දුරු ........... වේවා
සිල් සුව ලැබේවා මෙත් මල් ........... පිබිදේවා
සව් සිව් දේහි අනියත තතු .......... වැටහේවා
සැම සතහටම නිවන් සුමග ....... සැලසේවා
සීත හිම රටක සිට
වෙසක් සඳ දකින විට
කලාබර කවි කම
ලියවුනා සදැස මට!!
වෙසක් සඳ දකින විට
කලාබර කවි කම
ලියවුනා සදැස මට!!
Excellent Mitila Malli
ReplyDeleteබොහොම ස්තුතියි අයියේ!!!!
Deletesuperb! .Actually I didn't think that u can write this much better.Keep writing Mithila, we are here to read .All the best :)
ReplyDeleteලියපුවාත් තියනවා.. තව තවත් ලියනවා.. පුංචිගේ comment එකට හුඟක් thanks! ඉස්සරහට තව එනවා :-)
Delete