8 July 2013

හද වෙනෙහි සත් සර

කඳු ගටියකට සපැමිණි නිල් දිය ........ කඳට
දිය ඇල්ලක්ව කඩා හැලෙන්නට ....... බිමට
වැට කොටු නොබැඳ බලනු මැනවි දුරක සිට
යුග නෙත් යුග යුගක් උතුරයි ........ සයුරකට

රිය සක කැරකි කැරකී එන මේ පාරේ
කප් සුවහසක් දුර ගෙවු රූ සිරු නෑරේ
දිය දද බඳින්නට සතුටින් මේ .. වාරේ
පින් මදි වීද අද සිටු ගෙයි සිර .. බාරේ

මිණි බඳුනකද මැටි බඳුනකද රන් .. රසය
තිර බව පුවතරයි රන් රසයෙහි .... ගුණය
මැටි බඳුනකද රන් සුණ සුනරුත්  පැණය
දුට මැණ මිණි බඳුන මතු වන පෙළහැරය

සොමි සිසිලසින් යුග යුග කෙල ... දිලීයන්
රිවි අළු නොවී ගිනි කබලක් ... නොවීයන්
රන් මිණි පිනැති පුරුක් වැලක් . ගෙතීයන්
සිත් පිරි පොහොසතුන් මෙදියත නැගීයන්


0 කවි හිතට දිරි දුන් අදහස්:

Post a Comment