මහ වැහි කලුවකින් රිවි කැන් නතර කලේ
ගොම්මන් පාලුවකි සිවු දිග පොලෝ තලේ
පෙර යම තිබි සතුට නැත මා සිත ඇතුලේ

රොන් බිවු බඹරිඳුන් මලකින් සිත් විලසා
මලට මල් ගසට සලසන සෙත වෙසෙසා
ඒ සෙත සැලසු බඹරිඳු රොන් ගනු සතොසා
අවුදින් මිලින මල දුටු වැනි මගෙ මනසා
ඒ මල විකාස පද්මයක් ලෙස වේද
මිලින වුවත් යලි හිරු දැක පුබුදීද
ඒ මල් සුවඳ යලි මා සිත නගාවිද
ඈ මදහසින් යලි මා සිත පිරේවිද